දේශීය

ධීවරයින්ට භූමිතෙල් ලැබීමේ ප්‍රමාදය අවසන් කිරීමට ජනාධිපති කාර්යාලයෙන් විශේෂ වැඩපිළිවෙළක්



භූමිතෙල් බෙදා හැරීමේ දී පවතින ප්‍රමාදය ඉදිරි දින දෙක තුළ සම්පූර්ණයෙන්ම අවසන් කිරීමට රජය විසින් පියවර ගෙන තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රජා කටයුතු පිළිබඳ ජනාධිපති අධ්‍යක්ෂ ජෙනරාල් කීර්ති තෙන්නකෝන් සඳහන් කළේ, ධීවර ප්‍රජාවගේ ඉන්ධන අවශ්‍යතාවය වෙනුවෙන් අද (23) දිනය තුළ භුමිතෙල් බවුසර් 74 ක් නිකුත් කිරීමට කටයුතු කර ඇති අතර පෞද්ගලික අංශයේ පිරවුම්හල් 49 ක්, සමූපකාර පිරවුම්හල 18 ක් සහ වෙනත් පිරවුම්හල් 07 කින් ඔවුන් වෙත අඛණ්ඩව භුමිතෙල් බෙදාහැරීම සිදු කරන බවයි.

අනුමැතිය ලබා දී ඇති නමුත් මුදල් නොගෙවීම හේතුවෙන් ඊයේ (22) දිනයේ භුමිතෙල් නිකුත් කර නැති සියලුම පිරවුම්හල් වෙත අද (23) දිනයේ දී භුමිතෙල් නිකුත් කිරීමට උපදෙස් දී ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

Related posts

නිරෝධායනය අවසන් කළ 217 ක් අද සිය නිවෙස් වෙත

Mohamed Dilsad

ආරක්ෂිත හිස් වැසුම් දාන්නැයි පාපැදිකරුවන්ට උපදෙස්

Mohamed Dilsad

ප්‍රභූ ආරක්ෂාව ගැන ආණ්ඩුව යළි හිතයි

Editor O

Leave a Comment