දේශීය

වඳුරු උණ බෝවීමේ අවධානම ගැන දැනුවත් කිරීමක්

(UTV | කොළඹ) – වඳුරු උණ රෝගීන් දෙදෙනෙකු මෙරටින් හඳුනා ගැණුන ද එය වසංගතයක ආරම්භයක් නොවන බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ ජනතාව මේ සම්බන්ධයෙන් අනියත බියක් ඇති කර නොගත යුතු බවය.

ඩුබායි සිට පැමිණි පුද්ගලයෙකු වඳුරු උණ ආසාදිතයෙකු ලෙස ඊයේ (09) දිනයේත් හඳුනාගැනීමත් සමග මෙරටින් මේ වන විට වඳුරු උණ රෝගීන් දෙදෙනෙකු වාර්තා වී තිබේ.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් ජනතාව දැනුවත්ව සිටීම වැදගත් බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් සඳහන් කළේය.

“..කෙසේ නමුත් ළඟ ළඟ වඳුරු උණ රෝගීන් දෙදෙනෙකු වාර්තා වීම වසංගතයක ආරම්භයක් ලෙස සැලකීමට තරම් කාරණයක් නොවන බව මේ මොහොතේ අවධාරණය කරන්න ඕනේ. මේ රෝගය සත්තුන්ට බෝවන රෝගයක් මිස මිනිසුන්ට බෝවන රෝගයක් නොවන නිසා ඉතා කිට්ටු ආශ්‍රයකින් තොරව මේ රෝගය එක මනුෂ්‍යයකින් තව මනුෂ්‍යයකට බෝවීමට තියෙන ඉඩ අඩුයි. ඒ නිසා මෙවැනි ආසාදිතයින් හමුවු පමණින් හෝ වාහනයක හෝ නිවසේ සිටි පමණින් මේ රෝගය ආසාදනය වෙනවා කියලා හිතන්න අමාරුයි. රෝගියෙක් හමුවීම පමණක් පදනම් කරගෙන අනියත බියක් ඇති කරගන්න අවශ්‍ය වෙන්නේ නෑ. මේ රෝගය පිළිබඳ අවධානයෙන් සිටීමයි වැදගත් වෙන්නේ. මේ රෝගයේ ලක්ෂණ පැපොල රෝගයට සමානයි. ඒ නිසා එවැනි රෝග ලක්ෂණ ඇති අය වෛද්‍ය උපදෙස් වෙත යොමු කිරීම වැදගත් වෙනවා. අපි මේ වනවිට වෛද්‍යවරු දැනුවත් කර තිබෙනවා..”

කෙසේවෙතත් වඳුරු උණ රෝගය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවට සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුව ද රෝගය පැතිර යාමේ හැකියාවක් පවතින බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීව සඳහන් කළේය.

Related posts

කොරෝනා රෝගීන් ගණන තවත් ඉහළට

Mohamed Dilsad

මෙරටින් හමුවූ ආසාදිතයින් 91,000 ඉක්මවයි

Mohamed Dilsad

කෝප් කමිටුවෙන් ශ්‍රී ලංකන් ගුවන් සමාගමට කැඳවීමක්

Mohamed Dilsad

Leave a Comment