දේශීය

“ලෝක කෘෂිකර්ම ඇමතිවරුන්ගේ හමුවක් කැඳවන්න..”

(UTV | කොළඹ) – ඉදිරි වසර දෙක සඳහා ආහාර අවශ්‍යතා තක්සේරු කර වාර්තාවක් ඉදිරිපත් කිරීමට සියලු රටවල කෘෂිකර්ම අමාත්‍යවරුන්ගේ රැස්වීමක් කැඳවන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ COP27 සමුළුවේ ආහාර සුරක්ෂිතාව පිළිබඳ වට මේස සාකච්ඡාවට ඊයේ (0 7) සහභාගි වෙමින් ඉල්ලා ඇත.

ගෝලීය ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා තිරසර ණය සහන සැලැස්මක් කඩිනමින් සකස් කිරීමේ අවශ්‍යතාව ද ජනාධිපතිවරයා පෙන්වා දී තිබේ.

2023 පෙබරවාරි මස වන විට මෙම තිරසර ණය සහන සැලැස්ම සකස් කර 2023 පළමු කාර්තුව අවසන් වන විට එය ක්‍රියාත්මක කළ යුතු බව පැවසූ වික්‍රමසිංහ මහතා එසේ නොවුණහොත් ලෝකයේ රටවල දේශපාලන හා සමාජ ව්‍යුහයන්ට සිදුවිය හැකි හානිය නැවත පිළිසකර කළ නොහැකි බවද සඳහන් කර ඇත.

Related posts

බස්නාහිර ඇඳිරි නීතිය හෙට අනිවාර්යයෙන් ඉවත් කරනවා – යුධ හමුදාපති

Mohamed Dilsad

අධ්‍යාපන විද්‍යා පීඨවල ශික්ෂණ ලාභින්ට දෙන දීමනාව කොරෝනා කාලය තුලදීත්

Mohamed Dilsad

රවී සෙනෙවිරත්නට ඇප

Mohamed Dilsad

Leave a Comment