දේශීය

උසස් පෙළ හා පහ වසර ශිෂ්‍යත්ව විභාග දිනවල වෙනසක් නැහැ

(UTV | කොළඹ) – උසස් පෙළ හා පහ වසර ශිෂ්‍යත්ව විභාග පැවැත්වීම සඳහා තීරණය කර තිබෙන දින යළි කිසිදු ආකාරයකින් වෙනස් නොකරන බව අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

පහ වසර ශිෂ්‍යත්ව විභාගය දෙසැම්බර් මස 18 වැනි දිනත් උසස් පෙළ විභාගය ලබන වසරේ ජනවාරි 23 සිට පෙබරවාරී 17 දින දක්වාත් පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය සැලසුම් කර තිබේ.

දෙසැම්බර් මස පැවැත්වීමට නියමිතව තිබූ උසස් පෙළ විභාගය කල් දමන ලෙස එම විභාගයට දෙවන හා තුන්වන වර පෙනී සිටින ළමුන්ගෙන් විශාල ලෙස ඉල්ලීම් ලැබුණු බවත් ඊට පක්ෂව පාර්ලිමේන්තුව තුළ මහජන නියෝජිතයින් ද අදහස් දැක්වූ බවත් අධ්‍යාපන ඇමැතිවරයා කීය.

උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කිරීමෙන් පසු යළිත් වරක් විභාගයට පෙනී සිටින සිසු සිසුවියන්ට ඒ සඳහා සූදානම් වීමට කාලය තිබුණේ මාස තුනකුත් සතියක් වැනි කෙටි කාලයක් බව ද ඒ මහතා පැවසුවේය.

කොවිඩ් 19 තත්ත්වයත් සමඟ රටේ මතුවූ නොයෙකුත් ගැටලු සහගත තත්ත්වයන් ද පළාත් නවයේ විෂය නිර්දේශ ආවරණය කිරීම සම්බන්ධයෙන් ද සමීක්ෂණයක් සිදු කර ලබාගත් දත්ත පදනම් කර ගනිමින් අදාළ කල් දැමීම කළ බවත් හෙතෙම අවධාරණය කළේය.

මෙම සියලු කරුණු සැලකිල්ලට ගෙන දැනට නියම කරන ලද දිනවල විභාගය පැවැත්වීමට සැලසුම් කළ බවත් නැවත දීර්ඝ කිරීමක් කරන ලෙස කිසිදු පාර්ශ්වයකින් ඉල්ලීමක් ලැබී නොමැති බවත් අධ්‍යාපන ඇමැතිවරයා පැවසීය.

Related posts

සුදු වෑන් සිද්ධියට අදාල පුද්ගලයින් දෙදෙනා ද ඇතුළු 10 දෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

අප්‍රේල් මාසයේ දින 10ක් තුළ  නීති විරෝධී මත්පැන් ජාවාරම් 1,320ක් සුරාබදු දෙපාර්තමේන්තුවෙන් වටලයි.

Editor O

පාරිභෝගික අධිකාරියෙන් වැටලීම් 24,700ක් : රු.මිලියන 207 දඩ ආදායමක්

Editor O

Leave a Comment