විදෙස්

ගුවන් යානයක් කඩා වැටීමෙන් 19ක් ජීවිතක්ෂයට

(UTV |  ටැන්සානියාව) – ටැන්සානියාවේ වික්ටෝරියා විලට මගී ගුවන් යානයක් කඩා වැටීමෙන් සිදුවු අනතුරෙන් මගීන් 19දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට අග්‍රාමාත්‍ය කාසිම් මජලිවා පවසයි.

පැවති අයහපත් කාලගුණික තත්ත්වයත් සමග අදාළ ගුවන්යානය බුකෝබා නගරයේ පිහිටි ගුවන්තොටුපොළ වෙත ගොඩබෑමට යාමේ දී අනතුරට ලක්ව තිබුණි.

ගුවන්යානයේ සිටි මගීන් 26දෙනෙකු සහන කණ්ඩායම් විසින් බේරාගෙන ඇති බව වාර්තා වෙයි.

කෙසේවෙතත් යානයේ මගීන් කොපමණ සිටියේ ද යන්න සම්බන්ධයෙන් මෙතෙක් නිශ්චිත තොරතුරු අනාවරණය වී නොමැති බව වාර්තා වෙයි.

Related posts

සෙරෝජා ඕස්ට්‍රේලියාවට කඩා වදී

Mohamed Dilsad

Google සේවකයින් 48ක් නෙරපයි

Mohamed Dilsad

නයිජීරියාවේ ආයුධ සන්නද්ධ කණ්ඩායමක් සිසුවියන් 300 ක් පැහැරගනී

Mohamed Dilsad

Leave a Comment