දේශීය

කන්දකාඩු සිද්ධිය : ජනපති පූර්ණ වාර්තාවක් ඉල්ලයි

(UTV | කොළඹ) – කන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිද්ධිය සම්බන්ධයෙන් සම්පූර්ණ වාර්තාවක් ලබාදෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ (06) දැනුම් දී තිබේ.

ජනාධිපතිවරයා අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව එවැනි සිදුවීම් යළි ඇති නොවීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ප්‍රකාශ කර ඇත.

පොළොන්නරුව, වැලිකන්ද, කන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ පිරිසක් අතර ඇති වූ ගැටුමක් හේතුවෙන් රැඳවියන් 50 දෙනෙකු ඊයේ (06) දිනයේදී එම මධ්‍යස්ථානයෙන් පළා ගොස් තිබිණි.

මෙම ගැටුමෙන් අවම වශයෙන් රැඳවියන් පස් දෙනෙකු තුවාල ලබා ඇතැයි පුනරුත්ථාපන/පශ්චාත් පුනරුත්ථාපන ප්‍රතිශ්ඨාධාර ශාඛාවේ අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් ප්‍රියංකර විදානගමගේ පැවසීය.

පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ නොසන්සුන්කාරී තත්ත්වයක් පවතින බැවින් පොලිසිය සහ හමුදාවේ සහය ලබා ගැනීමට කටයුතු කර ඇති බව ඔහු ප්‍රකාශ කළේ ය.

බ්‍රිගේඩියර් ප්‍රියංකර විදානගමගේ වැඩිදුරට ත් කියා සිටියේ, අවම වශයෙන් 547 දෙනෙකු ඇතුළත් රැඳවියන් කණ්ඩායම් දෙකක් අතර ගැටුම ඇති වූ බව ත් ඔවුන්ගෙන් 299 දෙනෙකු මේ වන විට කන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිටින බව ත් ය.

පළා ගිය පිරිස අත්අඩංගුවට ගැනීම සඳහා සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

Related posts

අගමැති ඉතාලිය බලා පිටත්ව යයි

Mohamed Dilsad

පූර්ණ සුවය ලැබූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඉහළට

Mohamed Dilsad

ගිං ගගේ ජල ගැලුම් පාලනයට විද්‍යාත්මක විසඳුම් දෙන්න යයි

Editor O

Leave a Comment