ක්‍රීඩාදේශීය

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

(UTV |  සිඩ්නි) – විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තරගය සිඩ්නි ක්‍රීඩාංගණයේදී අද (05) පැවැත්වෙයි.

තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

ඒ අනුව ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ලබාගැනීමටය.

ශ්‍රී ලංකාව අද තරගය ජයගතහොත් ඔස්ට්‍රේලියාව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබන අතර එංගලන්තය මෙම තරගය ජයගතහොත් ඔවුන් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබනු ඇති.

අවසන් පූර්ව වටය පිළිබඳ ශ්‍රී ලංකා බලාපොරොත්තු බිඳවැටුණේ ඊයේ පැවති තරගවලදී නවසීලන්තය සහ ඔස්ට්‍රේලියාව ජය වාර්තා කිරීම හේතුවෙනි.

ඊයේ පැවති තරගවල ප්‍රතිඵලවලින් අනතුරුව පළමු කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගෙන සිටින නවසීලන්තය අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීය.

ඒ අනුව පළමු කාණ්ඩයෙන් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබන අනෙක් කණ්ඩායම අද පැවැත්වෙන ශ්‍රී ලංකා – එංගලන්ත තරගයේ ප්‍රතිඵලය මත තීරණය වීමට නියමිතය.

Related posts

පැය 16ක ජල කප්පාදුවක්

Mohamed Dilsad

සිබිල් වෙත්තසිංහ මහත්මිය අද දැයෙන් සමු ගනී

Mohamed Dilsad

කොරෝනා වෛරසය පිළිබඳ හදිසි ගෝලිය තත්ත්වයක් ප්‍රකාශයට

Mohamed Dilsad

Leave a Comment