දේශීය

O/L ප්‍රතිඵල මේ මස අවසානයේදී

(UTV | කොළඹ) – 2021 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මේ මස අවසානයේ නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී ධර්මසේන මහතා පැවසුවේ කෙසේ වෙතත් නිකුත් කරන දිනය කල්තියා දැනුම් නොදෙන බවයි.

2021 සා/පෙළ විභාගය සඳහා සිසුන් 517,496 දෙනෙකු පෙනී සිටියහ.

එම පිරිස අතර සිසුන් 407,129ක් පාසල් අයදුම්කරුවන් වන අතර සිසුන් 110,367ක් පෞද්ගලික අයදුම්කරුවන් වූහ.

2021 සා/පෙළ විභාගය 2022 පෙබරවාරි 21 සිට 2022 මාර්තු 3 දක්වා පැවැත්විණි.

මේ අතර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සහ උසස් පෙළ විභාගය පැවැත්වීමෙන් අනතුරුව 2022 සා/පෙළ විභාගය ලබන වසරේ පැවැත්වීමට නියමිතයි.

Related posts

ආරක්ෂක තත්ත්වය යහපත් නොවන නිසා රාත්‍රී කාලයේ ජන හමු නොපවත්වන ලෙස දැනුම්දීලා – පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර

Editor O

විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ හිමිකම් අවලංගු කිරීමේ පනත් කෙටුම්පතට එරෙහිව තවත් පෙත්සම් දෙකක්

Editor O

විස්සට වැඩි මෙරට සියලූදෙනාට තුන්වන මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත් මාත්‍රාවක්

Mohamed Dilsad

Leave a Comment