දේශීය

තිලිණි ප්‍රියමාලි බන්ධනාගාර විනිශ්චය මණ්ඩලය හමුවට

(UTV | කොළඹ) – මහා පරිමාණ මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් චෝදනා ලැබ රක්ෂිත බන්ධනාගාරගතව සිටින තිලිණි ප්‍රියමාලි අද (03) බන්ධනාගාර විනිශ්චය මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබේ.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් චන්දන ඒකනායක සඳහන් කළේ, බන්ධනාගාරය තුළ නීති විරෝධී තහනම් ද්‍රව්‍යයක් වන ජංගම දුරකතනයක් සන්තකයේ තබා ගැනීම සම්බන්ධ චෝදනාව සඳහා මෙලෙස ඇය වැලිකඩ බන්ධනාගාරයේ පැවති කොළඹ අතිරේක දිසා විනිසුරුවරයා ප්‍රමුඛ බන්ධනාගාර විනිශ්චය මණ්ඩලය වෙත ඉදිරිපත් කළ බව ය.

එහිදී සැකකාරිය වෙත නගා ඇති චෝදනාව වැඩිදුර විභාගය සඳහා කොළඹ අතිරේක දිසා විනිසුරුවරාය විසින් එය නොවැ. 24 වන දින දක්වා කල් තැබූ බව ඔහු වැඩිදුරට ත් පැවසීය.

Related posts

කොහුවල දී හමුවූ පිළිස්සුණු මළ සිරුර ව්‍යාපාරිකයාගේ බව DNA තහවුරු කරයි

Mohamed Dilsad

ෆැල්කන් මෘදුකාංගයේ තාක්ෂණික දෝෂයෙන් බලපෑමක් වුණාදැයි-මෙරට තොරතුරු පද්ධති 40කින් වාර්තා කැඳවයි.

Editor O

විගණන පරීක්ෂකවරුන් ඉවත් වෙයි

Mohamed Dilsad

Leave a Comment