දේශීය

කොහුවල දී හමුවූ පිළිස්සුණු මළ සිරුර ව්‍යාපාරිකයාගේ බව DNA තහවුරු කරයි

(UTV | කොළඹ) – පසුගියදා කොහුවල ප්‍රදේශයේ පිළිස්සී ගිය මෝටර් රථයක් තුල තිබි හමු වූ පිළිස්සුණු මළ සිරුර කොහුවල භාතිය මාවතේ පදිංචි ව්‍යාපාරිකයාගේ බවට DNA පරීක්ෂණ මගින් තහවුරු වී ඇති බව පොලිසිය පවසයි.   

ඒ, එම තරුණයාගේ දෙමව්පියන්ගේ සහ මියගිය පුද්ගලයාගේ දේහයෙන් ලබාගත් DNA සාම්පල සැසඳීමෙන්.

මෘත ශරීරය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය හෙට දිනයේදී කලුබෝවිල රෝහලේදී පැවැත්වීමට නියමිතයි.

මෙම සිද්ධියට අදාළව මහේස්ත්‍රාත් පරීක්ෂණයද පසුගියදා පැවති අතර මළ සිරුරේ PCR පරීක්ෂණයක් ද සිදුකළ අතර , කෙසේවෙතත් ඔහුට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බවට එහිදී අනාවරණය කරගෙන ඇත.

33 හැවිරිදි නසාර් මොහොමඩ් නැමැති මෙම ව්‍යාපාරිකයා ගමන්ගත් වැගන්ආර් වර්ගයේ මෝටර් රථය කොහුවල – ආසිරි මාවත ප්‍රදේශයේදී ගිනිගැනීමට ලක්ව තිබුණේ පසුගිය 10 වනදා රාත්‍රී කාලයේදීයි.

 

Related posts

STF නිලධාරීන් විසින් වියළි ආහාර ද්‍රව්‍ය බෙදා දීමේ වැඩපිළිවෙලක්

Mohamed Dilsad

ඉන්ධන මිල වැඩි කරන්න ලෙස කබ්රාල්ගෙන් ලිපියෙක්

Mohamed Dilsad

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් ශ්‍රී ලංකාවේ සංචාරයක

Editor O

Leave a Comment