දේශීය

අයවැය ඡන්ද විමසීම දෙසැ. 08

(UTV | කොළඹ) – 2023 මුදල් වර්ෂයට අදාළ අයවැය විවාදය සඳහා යෝජිත වැඩපිළිවෙළ අග්‍රාමාත්‍යවරයා විසින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඊට අනුමැතිය හිමිව තිබේ.

වැඩසටහනට අනුව අයවැය විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම නොවැම්බර් 14 වැනිදා සිදුකිරීමට නියමිතය.

මේ අතර නොවැම්බර් මස 15 වැනිදා සිට 22 වැනිදා දක්වා දින 7ක් අයවැය දෙවැනිවර කියවීමේ විවාදය පැවැත්වෙනු ඇත.

එමෙන්ම අයවැය කාරක සභා අවස්ථා විවාදය නොවැම්බර් 23 වැනිදා සිට දෙසැම්බර් 8 වැනිදා දක්වා දින 13ක් සැලසුම් කර තිබේ.

ඒ අනුව 2023 අයවැය ඡන්ද විමසීම දෙසැම්බර් 8 වැනිදා පැවැත්වේ.

Related posts

විශ්‍රාම වැටුප් ලබාදීම අදත් සිදු කෙරේ

Mohamed Dilsad

හඳුනානොගත් දියරයක් පානය කළ පස් දෙනෙක් ජීවිතක්ෂයට

Editor O

අනුරාධපුර බන්ධනාගාරයේ නොසන්සුන්කාරී තත්ත්වයක්

Mohamed Dilsad

Leave a Comment