දේශීය

අමාත්‍යංශ කිහිපයක විෂය පථ සංශෝධනය වෙයි

(UTV | කොළඹ) – අමාත්‍යංශ කිහිපයක විෂය පථ සංශෝධනය කරමින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

අදාළ සංශෝධන අද (27) සිට ක්‍රියාත්මක වන පරිදි ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් එම ගැසට් පත්‍රය නිකුත් කරනු ලැබ ඇත.

ඒ අනුව, ආරක්ෂක අමාත්‍යංශය යටතේ පැවති ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සහ මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශය යටතේ පැවති සමාගම් රෙජිස්ටාර් දෙපාර්තමේන්තුව එම අමාත්‍යංශවලින් ඉවත් කර තිබේ.

කෘෂිකර්ම අමාත්‍යංශය යටතේ පැවති සීමා සහිත ලංකා පොස්පේට් සමාගම සහ කර්මාන්ත අමාත්‍යංශය යටතේ පැවති රොබෝ තාක්ෂණය සඳහා වන විශිෂ්ටතා මධ්‍යස්ථානය ද එම අමාත්‍යංශවලින් ඉවත් කර ඇත.

ඒ අනුව, සමාගම් රෙජිස්ටාර් දෙපාර්තමේන්තුව සහ සීමා සහිත ලංකා පොස්පේට් සමාගම කර්මාන්ත අමාත්‍යංශය යටතට පත් කර තිබේ.

ඊට අමතරව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සහ අනුබද්ධිත ආයතන මෙන් ම රොබෝ තාක්ෂණය සඳහා වන විශිෂ්ටතා මධ්‍යස්ථානය ද තාක්ෂණ අමාත්‍යංශය යටතට පත් කර ඇත.

අදාළ ගැසට් පත්‍රය මෙතනින්

Related posts

ජූනි මාසයේදී උද්ධමනය ඉහළ යයි

Mohamed Dilsad

සමගි ජන බලවේගය ගොනු කළ පෙත්සම ගැන ශ්‍රේෂ්ඨාධිකරණයට ඉල්ලීමක්

Mohamed Dilsad

මහනුවර නගර සීමාවේ සියලු පාසැල් වසා දැමේ

Mohamed Dilsad

Leave a Comment