විදෙස්

ස්වදේශ කටයුතු ඇමති සුඑල්ලා ඉල්ලා අස්වෙයි

(UTV |  ලන්ඩන්) – බ්‍රිතාන්‍යය ස්වදේශ කටයුතු අමාත්‍ය සුඑල්ලා බ්‍රේවර්මන් සිය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස් වී තිබේ.

විදෙස් මාධ්‍ය පැවසුවේ අද ඇය මෙලෙස ඉල්ලා අස්වී ඇති බවයි.

මෙම තත්ත්වයත් සමග අග්‍රාමාත්‍ය ලිස් ට්‍රස් මුහුණ දී සිටින අර්බුදය තවත් උග්‍ර අතට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය සදහන් කරයි.

සංක්‍රමණ ප්‍රතිපත්තිය පිළිබඳ ඇයගේ පුද්ගලික විද්‍යුත් තැපෑල මගින් පණිවිඩයක් යැවීමෙන් ප්‍රොටොකෝල කඩ කළ බව පිළිගනිමින් සුඑල්ලා බ්‍රේවර්මන් ස්වදේශ කටයුතු අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් විය.

ඉල්ලා අස්වීමේ ලිපිය යවමින් ඇය වත්මන් බ්‍රිතාන්‍ය රජය පොරොන්දු කඩකර ඇති බවත් මිනිසුන් අතින් අත් වැරද්දක් සිදු වූ විට කළයුතු සුදුසුම දේ ඉල්ලා අස්වීම බවත් ඇය පැවසුවාය.

පසුගිය දා අග්‍රාමාත්‍ය ලිස් ට්‍රස් තමන් අතින් අත් වැරද්දක් සිදු වූ බව පිළිගත්තාය. සුඑල්ලා බ්‍රේවර්මන් ස්වදේශ කටයුතු අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් වූ සැණින් ග්‍රාන්ට් ශැප්ස් නව ස්වදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස පත් කිරීමට අග්‍රාමාත්‍ය ලිස් ට්‍රස් කටයුතු කර ඇත.

Related posts

ගාසා තීරයේ ගැටුම්වලින් දරුවන් 61 දෙනෙක් ජීවිතක්ෂයට

Mohamed Dilsad

සුවය ලැබූ කොරෝනා ආසාදිතයන් කෝටිය ඉක්මවයි

Mohamed Dilsad

ඊශ්‍රායල් ගමන වැළැක්වීමට හමාස් දැඩි උත්සාහයක

Mohamed Dilsad

Leave a Comment