දේශීය

මෝටර් රථය ගසක හැපී 3ක් මරුට

(UTV | අනුරාධපුර) – පාදෙණිය අනුරාධපුර මාර්ගයේ රිදීබැදිඇල්ල ප්‍රදේශයේ දී අද (17) උදෑසන 10.00 ට පමණ සිදුවූ රිය අනතුරකින් වයස අවුරුදු තුනක දරුවෙකු ඇතුළු තිදෙනෙක් මියගිය බව නාගොල්ලාගම පොලිසිය කියයි.

අනුරාධපුර දෙස සිට පාදෙණිය දෙසට ගමන් කළ කාර් රථයක් මාර්ගය අසල ගසක ගැටීමෙන් අනතුර සිදුව ඇති අතර සිද්ධියට මුහුණ පා ඇත්තේ අනුරාධපුර ප්‍රදේශයේ පදිංච්කරුවන් පිරිසකි.

අනතුර සිදුවූ අවස්ථාවේ දී රථය තුල තුවාල ලබා සිටි පිරිස පිටතට ගැනීමට විනාඩි 20 ක පමණ කාලයක් ගතවු බව ප්‍රදේශවාසීහු කියති.

කුඩා දරුවා සහ අනෙක් දෙදෙනා වාරියපොල ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කරන අවස්ථාවේ දීත් මියගොස් සිටි බව රෝහලේ ප්‍රකාශකයෙකු පැවසීය.

බරපතළ තුවාල ලද මියගිය දරුවාගේ මව සහ තවත් අයෙක් වැඩිදුර ප්‍රථිකාර සදහා කුරුණෑගල ශික්ෂණ රෝහල වෙත මාරුකර යවා ඇත.

නාගොල්ලාගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Related posts

අරගලයෙන් පසු දේශපාලකයන් 6000ක් විවිධ හේතු මත, දේශපාලනයෙන් සමුගෙන – පැෆරල්

Editor O

වැලිකඩ බන්ධනාගාරයේ 177 ක් PCR පරීක්ෂණයට

Mohamed Dilsad

හිටපු අමාත්‍ය ගාමිණී ජයවික්‍රම අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

Leave a Comment