දේශීය

ප්‍රියමාලි බන්ධනාගාර විනිශ්චය මණ්ඩලය හමුවට

(UTV | කොළඹ) – බන්ධනාගාරය තුළ දුරකතන භාවිතා කළ චෝදනාවට තිළිණි ප්‍රියමාලි නමැති සැකකාරිය අද (13) බන්ධනාගාර විනිශ්චය මණ්ඩලය හමුවට ඉදිරිපත් කරන බව අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල්, මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පවසයි.

බන්ධනාගාර නීති රීති යටතේ තහනම් භාණ්ඩයක් වන ජංගම දුරකතනයක් සන්තයේ තබා ගැනීම සම්බන්ධයෙන් ඇයව කොළඹ අතිරේක දිසා විනිසුරු තුමා ප්‍රමුඛ බන්ධනාගාර විනිශ්චය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව ඒකනායක මහතා කීය.

පුද්ගලයන් රැසක ගෙන් රුපියල් කෝටි ගණනින් මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් සැකකාරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන මෙම 19 දක්වා රිමාන්ඩ් බාරයට පත්කර තිබුණි.

සැකකාරිය වැලිකඩ බන්ධනාගාර කාන්තා අංශයේ රක්ෂණ භාරයේ සිටියදී බන්ධනාගාර හදිසි ප්‍රතිචාර උපක්‍රමික බලකායේ නිළධාරිනියන් විසින් සැකකාරිය සන්තකයේ තිබි ජංගම දුරකථනයක් ඉකුත් (6) දින අත්අඩංගුවට ගන්නා ලදි

Related posts

විභාග මධ්‍යස්ථානවල ගැටළු සඳහා විශේෂ දුරකථන අංකයක්

Mohamed Dilsad

විදේශ අමාත්‍ය මානව හිමිකම් කවුන්සිලය අමතයි

Mohamed Dilsad

සියළුම දුම්රිය සාමාන්‍ය පරිදි ධාවනයට

Mohamed Dilsad

Leave a Comment