දේශීය

විදුලි ගාස්තුවල වෙනසක්

(UTV | කොළඹ) –  අගෝස්තු මාසයේ සිදු කළ ගාස්තු සංශෝධනයේදී ආගමික ස්ථානවල ඉහළ ගිය විදුලි බිලට සහනයක් ලබා දීමට තීරණය කළ බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසයි.

ඊයේ (ඔක්. 8) අස්ගිරි පාර්ශවයේ මහ නායක අතිපූජ්‍ය වරකාගොඩ ඤාණරතන හිමියන් බැහැ දැක විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් දැනුවත් කිරීමෙන් අනතුරුව එහි සභාපති ජනක රත්නායක මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ, පුණ්‍ය ආයතන එම පදනමින් ඉවත් කර පොදු කාර්ය යටතට ඇතුළත් කරන බව ය.

ඒ අනුව, දැනට 550%කින් ඉහළ ගොස් ඇති පුණ්‍ය ආයතන සඳහා වන අය ක්‍රමය යථා තත්ත්වයට පත් කිරීමට පියවර ගන්නා බව ඔහු පැවසීය.

ඔහු පෙන්වා දුන්නේ, පොදු කාර්යය කාණ්ඩයේ ඒකකයක් සඳහා අය කරන මිල රු. 32ක් බව ය.

වැඩි වුණ බිලෙන් 50%ක ප්‍රමාණයක් පහළ දමීමට ක්‍රමවේදයක් සකස් කළ බව ත් ඊට අදාළ පියවර ගන්නා ලෙස ලංකා විදුලි බල මණ්ඩලය වෙත දැන් වූ බව ත් ඔහු වැඩිදුරට ත් පැවසීය.

Related posts

විදුලි වාහන චාර්ජ්කරන තැන් නියාමනය කිරීමේ වැඩසටහනක්

Editor O

අධිචෝදනා ගොනුකිරීමෙන් පසු පාඨලී ඇප මත මුදා හරියි

Mohamed Dilsad

ග්‍රෑන්ඩ්පාස්වල මනුෂ්‍ය ඝාතනයක්

Mohamed Dilsad

Leave a Comment