ගොසිප්

නෙළුම් කුළුණේ සිට බිමට පනින්න Bungee Jump

(UTV | කොළඹ) – ලොව ජනප්‍රියතම සහ ත්‍රාසජනක ක්‍රීඩාවක් වන බංගී පැනීම (Bungee Jump) නෙළුම් කුළුණ පරිශ්‍රයේ ආරම්භ කිරීමට සුදානම් වන බව වාර්තා වනවා.

ඒ අනුව කොළඹ නෙළුම් කුළුණ කලමණාකාරණ ආයතනය විසින් ඒ සඳහා වන ගිවිසුමක් සිංගප්පුරුවේ “Go Bungee” ආයතනය සමඟ අත්සන් තබා තිබෙනවා.

ඒ අනුව 2023 ජනවාරි 01 වැනිදා සිට නෙළුම් කුළුණෙන් බංගි පැනීම දියත් කිරීමට නියමිතයි.

මෙම බංගි පැනීම මීටර් 350ක උසකින් පැවැත්වෙන අතර දිනකට පැනීම් 130ක් පමණ සිදුකිරීමට සැලැසුම් කර තිබෙනවා.

මේ අතරින් නෙළුම් කුළුණ ආලෝකමත් කළ පසු රාත්‍රී කාලයේ දී පිම්ම 30-40ක් සිදු කිරීමට නියමිතයි.

කොළඹ නෙළුම් කුළුණ කළමනාකරණ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ප්‍රසාද් සමරසිංහ මහතා පැවසුවේ මෙය ශ්‍රී ලංකාවට සංචාරකයින් ආකර්ෂණය කර ගැනීමට හොඳ අවස්ථාවක් වනු ඇති බවයි.

Related posts

හරීන් සජිත් කපයි

Mohamed Dilsad

තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩකයා සහ වෛද්‍යවරිය ගැන තේරීම් කමිටුවේ සභාපති කියූ දේ

Mohamed Dilsad

රනිල් 23දා ජය නැකතින් දිවුරුම් දෙයි

Mohamed Dilsad

Leave a Comment