දේශීය

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

(UTV | කොළඹ) – බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑලිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

යාපනය දිස්ත්‍රික්කයේ උදෑසන කාලයේදී වැසි ස්වල්පයක් ඇතිවිය හැකිය.

මේ අතර ඌව, නැගෙනහිර සහ උතුරු මැද පළාත්වල වවුනියා සහ මුලතිව් දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම සහිත වැසි ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව පවසයි.

මේ අතර ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මගින් සිදුවිය හැකි අකුණු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටී.

Related posts

වැඩකරන විරුවාගේ දිනය අදයි

Mohamed Dilsad

ඉදිරි මහා මැතිවරණයේදී නිදහස් පක්ෂයේ සහය ජනපතිට

Mohamed Dilsad

පොලීසියේ පිරිසකට ස්ථානමාරු

Editor O

Leave a Comment