දේශීය

හදිසි ගල්අඟුරු ටෙන්ඩරයක්

(UTV | කොළඹ) – ගල්අඟුරු ප්‍රසම්පාදනය වෙනුවෙන් කෙටි කාලීන අවශ්‍යතා සඳහා ටෙන්ඩර් කැඳවීම සම්බන්ධයෙන් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර විසින් ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබේ.

ඒ අනුව ගල්අඟුරු ප්‍රසම්පාදනය වෙනුවෙන් කෙටි කාලීන අවශ්‍යතා ටෙන්ඩර් කැඳවීම ජාත්‍යන්තර තරගකාරී මිල ගණන් අනුව සිදුකරන බව අමාත්‍යවරයා එහි සඳහන් කර ඇත.

එමෙන්ම ලංකා ගල්අඟුරු සමාගමේ ලියාපදිංචි සහ ලියාපදංචි නොමැති මෙම සැපයුම සම්පුර්ණ කළ හැකි ඕනෑම පාර්ශවයකට මේ සඳහා සහභාගී විය හැකි බවත් අවම දින 180ක ණය කාලයක් සමග සැපයුම සම්පුර්ණ කළ හැකි විය යුතු බවත් අමාත්‍යවරයා දැනුම්දෙයි.

එමෙන්ම දීර්ඝ කාලීන ටෙන්ඩරය ද එළැඹෙන සතියේ නිකුත් කර බව අමාත්‍යවරයා නිකුත් කළ ට්විටර් පණිවුඩයේ වැඩිදුරටත් දැක්වේ.

Related posts

ගල් අඟුරු ගන්න රුසියාවේ පොටෙන්ෂියා සමාගමට ලියාපදිංචිය දුන්නේ මේ ආණ්ඩුව – ඩී. වී චානක

Editor O

නිකවැරටියට හැමූ දැඩි සුළඟින් නිවාස 100 කට හානි

Mohamed Dilsad

උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාග පැවැත්වෙන දිනයන් පිළිබඳ ප්‍රකාශයක්

Mohamed Dilsad

Leave a Comment