දේශීය

වකුගඩු රෝග සොයන්න චීනයෙන් ජංගම රථ 8ක්

(UTV | කොළඹ) – නිදන්ගත වකුගඩු රෝග පරීක්ෂණ සිදුකිරීමේ ජංගම රසායනාගාර සහිත රථ 8 ක් ඊයේ(26) සිට මෙහෙයුම් ආරම්භ කර තිබේ.

චීනය විසින් පරිත්‍යාග කළ එම ජංගම රථවල වටිනාකම රුපියල් මිලියන 660 ක් පමණ වන බව වාර්තා වේ.

ජංගම රසායනාගාර සහිත රථ අනුරාධපුර, පොලොන්නරුව, වවුනියාව, ත්‍රිකුණාමලය, අම්පාර, කුරුණෑගල, මාතලේ සහ බදුල්ල යන දිස්ත්‍රික්ක වල සේවය සඳහා යොදවා ඇත.

වකුගඩු රෝග ව්‍යාප්තිය වැළැක්වීම සඳහා ශ්‍රී ලංකාව සහ චීනය ගෙන යන ව්‍යාපෘතියක් යටතේ මෙම පරිත්‍යාගය සිදුකර ඇත.

චීනය විසින් පුහුණුව ලබා දුන් මෙරට සෞඛ්‍ය සේවකයින් විසින් මෙම ජංගම රසායනාගාර සහිත රථවල රාජකාරී සිදුකරනු ලබයි.

නිදන්ගත වකුගඩු රෝග පරීක්ෂණ සිදුකිරීමේ ජංගම රසායනාගාර සහිත රථ 8 ක් ඊයේ (26) සිට මෙහෙයුම් ආරම්භ කර තිබේ.

චීනය විසින් පරිත්‍යාග කළ එම ජංගම රථවල වටිනාකම රුපියල් මිලියන 660 ක් පමණ වන බව වාර්තා වේ.

ජංගම රසායනාගාර සහිත රථ අනුරාධපුර, පොලොන්නරුව, වවුනියාව, ත්‍රිකුණාමලය, අම්පාර, කුරුණෑගල, මාතලේ සහ බදුල්ල යන දිස්ත්‍රික්ක වල සේවය සඳහා යොදවා ඇත.

වකුගඩු රෝග ව්‍යාප්තිය වැළැක්වීම සඳහා ශ්‍රී ලංකාව සහ චීනය ගෙන යන ව්‍යාපෘතියක් යටතේ මෙම පරිත්‍යාගය සිදුකර ඇත.

චීනය විසින් පුහුණුව ලබා දුන් මෙරට සෞඛ්‍ය සේවකයින් විසින් මෙම ජංගම රසායනාගාර සහිත රථවල රාජකාරී සිදුකරනු ලබයි

Related posts

තවත් ඩීසල් නෞකා 02 ක් අද මෙරටට..

Mohamed Dilsad

සතොසෙන් දුඹුරු සීනි කිලෝවක් රුපියල් 115 කට

Mohamed Dilsad

කොරියාවට යන ගුවන්යානා පමාවීම ගැන තීරණයක්

Mohamed Dilsad

Leave a Comment