දේශීය

ජනකට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව කංචන කියයි

(UTV | කොළඹ) – ශ්‍රී ලංකාවට ගෙන්වා ඇති බොරතෙල්වල ගුණාත්මක බව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපතිවරයා කර ඇති ප්‍රකාශය සම්බන්ධනේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

ශ්‍රි ලංකාවට ගෙන්වා ඇති බොරතෙල් ගුණාත්මක බවින් තොර බව මහජන උපයෝගීතා කොමිෂමේ සභාපති ජනක රත්නායක මහතා ප්‍රකාශ කළේය.

ලංකා ඛනිජ තෙල් සංස්ථාව සතුව ප්‍රමාණවත් ඩීසල් හා දැවි තෙල් තොග ඇති බවත් ලක්ෂපාන බිඳවැටීම, ඩීසල් සහ දැවි තෙල් සහ ජල කළමනාකරණය සඳහා ලංවිම සතුව ප්‍රමාණවත් අරමුදල් නොමැතිකම හේතුවෙන් ලංවිම විසින් දීර්ඝ කරන ලද විදුලි කප්පාදුවක් ඉල්ලා ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසීය.

Related posts

අමාත්‍යංශ 25කට නව ලේකම්වරු පත් කෙරේ

Mohamed Dilsad

ආර්ථික මධ්‍යස්ථාන අද සහ හෙට විවෘතයි

Mohamed Dilsad

වේගා මෝටර් රථ සඳහා බලපත්‍රය හිමිවෙයි

Mohamed Dilsad

Leave a Comment