දේශීය

පාස්කු ප්‍රහාරය : වගඋත්තරකරුවෙකු වූ රනිල් ගැන ශ්‍රේෂ්‍ඨාධිකරණය ගත් තීරණය මෙන්න

(UTV | කොළඹ) – පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වගඋත්තරකරුවෙකු ලෙස නම් කර සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහිව නඩු කටයුතු පවත්වාගෙන යා නොහැකි බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය ප්‍රමුඛ සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අදාළ නඩුව අද (26) කැඳවූ අවස්ථාවේදී එම තීන්දුව ගෙන ඇත.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට පියවර නොගැනීම සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම්වල වත්මන් ජනාධිපතිවරයා වගඋත්තරකරුවෙකු ලෙස නම් කර සිටියේ ය.

ජනාධිපතිවරයාට ව්‍යවස්ථානුකූලව ලැබී ඇති මුක්තිය හේතුවෙන් ශ්‍රේෂ්‍ඨාධිකරණය අදාළ තීන්දුව ප්‍රකාශයට පත් කර තිබේ.

Related posts

විදුහල්පතිනිය එපා කියා පාසලක විරෝධයක්

Mohamed Dilsad

මැතිවරණයට එරෙහිව ගොනුකළ පෙත්සම් 7ක් කැදවීමට දින දෙයි

Mohamed Dilsad

අද මෙතෙක් කිසිඳු ආසාදිතයෙකු වාර්තා වී නැහැ

Mohamed Dilsad

Leave a Comment