විදෙස්

රැජිනගේ අභාවයෙන් පසු ලොව පුරා ප්‍රභූ නීතිඥයන් රැසකට තනතුරු අහිමි වෙයි

(UTV | ලන්ඩන්) – බ්‍රිතාන්‍යයේ දෙවන එලිසබත් රැජිනගේ අභාවයෙන් පසු,”රැජිනගේ නීතිඥ” නිලය දැරූ පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් සිය ගණනක සිටින ප්‍රභූ නීතිඥයන් 1,900කගේ පදවි නාම වෙනස් වී තිබෙනවා.

ඒ අනුව ඔවුන් මෙතෙක් දැරූ පදවි නාමය වන “රැජිනගේ නීතිඥ” සිට “රජුගේ නීතිඥ” දක්වා වෙනස් වී තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

එංගලන්තයේ සහ වේල්සයේ නීතීඥවරුන් 1,650කට වැඩි සංඛ්‍යාවක් නියෝජනය කරන ‘ද බාර් කවුන්සිලය’ කියා සිටින්නේ, නව රජු ලෙස තුන්වන චාල්ස් පත්වීමෙන් අනතුරුව එම නීතිඥයන් දැරූ ඔවුන්ගේ ලිපි ශීර්ෂ සහ අනෙකුත් ද්‍රව්‍ය වෙනස් වන බවයි.

ඒ අනුව එම ලිපි ශීර්ෂයන් සහ රාජකාරී කටයුතු සඳහා භාවිත කරන අනෙකුත් උපාංග මත QC (Queen’s Counsel) වෙනුවට KC (King’s Counsel) යන කෙටි යෙදුම භාවිතා කිරීමට සිදු වනවා.

එම පදවි නාම වෙනස්වීම සම්බන්ධයෙන් විදෙස් මාධ්‍ය වෙත අදහස් දැක් වූ, 2001 සිට 2007 දක්වා එක්සත් රාජධානියේ නීතිපතිවරයා වූ ලන්ඩනයේ කිංග්ස් කන්සල් සාමිවරයා වන පීටර් ගෝල්ඩ්ස්මිත් පැවසුවේ “අපගේ නම් වෙනස් වීම, රැජින අප අතරින් වියෝ වූ බවට නිරන්තරයෙන් සිහිපත් කරන්නක්” බවයි.

Related posts

ඉන්දියාවේ කොරෝනා එන්නත් අර්බුදය හමුවේ කොවැක්ස් වැඩපිළිවෙලටද බාධා

Mohamed Dilsad

සෝමාලියා – මොගඩිෂු අගනුවර පිපිරීමකින් 30 ක් මරුට

Mohamed Dilsad

එංගලන්ත මහ මැතිවරණයෙන් පාලක කන්සර්වටිව් පක්ෂය ජයග්‍රහණය කරනු ඇතැයි මත

Mohamed Dilsad

Leave a Comment