දේශීය

ජගත් මානව හිමිකම් කවුන්සලයේ 51 වැනි මානව හිමිකම් සැසිය අද ඇරඹේ

(UTV | කොළඹ) – ජගත් මානව හිමිකම් කවුන්සලයේ 51 වැනි නිත්‍ය සැසිවාරය ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර දී අද (12) ආරම්භ වීමට නියමිතය.

ලොව පුරා සියලුම මානව හිමිකම් ප්‍රවර්ධනය සහ ආරක්ෂා කිරීම සඳහා වගකිව යුතු රාජ්‍යයන් 47කින් සමන්විත එක්සත් ජාතීන්ගේ පද්ධතිය තුළ අන්තර් රාජ්‍ය ආයතනයක් වන මානව හිමිකම් කවුන්සලය වසර පුරාවට සිය අවධානය යොමු කළ යුතු සියලු තේමාත්මක මානව හිමිකම් ගැටලු සහ තත්ත්වයන් සාකච්ඡා කිරීමට නියමිතය.

මෙවර 51 වැනි සැසිවාරය සඳහා ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු ඇමැති අලි සබ්‍රි සහ අධිකරණ ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ මහත්වරු ප්‍රමුඛ නියෝජිත කණ්ඩායමක් සහභාගි වෙයි.

විදේශ කටයුතු ඇමැතිවරයා අද ජගත් මානව හිමිකම් කවුන්සලය ඇමතීමට ද නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව ශ්‍රී ලංකාව පිළිබඳ අන්තර් ක්‍රියාකාරී සංවාදයේ දී කවුන්සිලය හමුවේ විදේශ කටයුතු ඇමැතිවරයා ප්‍රකාශයක් කිරීමට නියමිතය.

Related posts

රන්ජන් රාමනායකට එරෙහිව ගොනු කළ පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය නිෂ්ප්‍රභ කරයි.

Editor O

රක්ෂණ නීති දියුණු කිරීමට යෝජනා කැඳවේ

Mohamed Dilsad

නව වැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභා වාරය අද

Mohamed Dilsad

Leave a Comment