දේශීය

රක්ෂණ නීති දියුණු කිරීමට යෝජනා කැඳවේ

දැනට ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක රක්ෂණ නීති සමාලෝචනය කිරීම සඳහා අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා විසින් කමිටුවක් පත්කර තිබේ.

 

දැනට ක්‍රියාත්මක රක්ෂණ නීති සමාලෝචනය කර ඒවා ගෝලීය රක්ෂණ සම්මතයන්ට සමාන වන අයුරින් දියුණු කිරීම එම කමිටුවේ අරමුණකි.

 

එබැවින් එම කමිටුවට මහජන අදහස් යොමුකරන මෙන් එම අමාත්‍යංශය ඉල්ලීමක් කරයි.

 

එවැනි යෝජනා legal@moj.gov.lk යන ඊමේල් ලිපිනයට විද්‍යුත් තැපෑලෙන් හෝ අමාත්‍යංශයට ලිඛිතව යොමු කරන ලෙස දැනුම් දී තිබේ.

Related posts

ජපානයෙන්, ශ්‍රී ලාංකිකයන්ට රැකියා අවස්ථා

Editor O

මහ මැතිවරණය ගැන අදත් සාකච්ඡාවක්

Mohamed Dilsad

කොරෝනා වැළඳුණු ඉන්දියානුවෙකු කටාර් සිට ලංකාවට එවයි

Mohamed Dilsad

Leave a Comment