ක්‍රීඩා

ආසියානු කුසලානය සිංහයන්ට

(UTV |  ඩුබායි) – පකිස්ථානය පරාජයට පත් කරමින් 2022 ආසියානු ක්‍රිකට් කුසලානය දිනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමත්විය.

ආසියානු කුසලාන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දු ඕවර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 170ක් රැස් කළේය.

තරගයේ කාසිය වාසිය දිනූ පාකිස්තාන කණ්ඩායමේ නායකයා පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ශ්‍රී ලංකා කාණ්ඩායමට ලබාදී තිබුණි.

එහිදී විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ භානුක රාජපක්ෂ නොදැවී ලකුණු 71ක් රැස්කිරීමට සමත්විය.

ඊට හයේ පහර 3ක් සහ හතරේ පහර 6ක් ඇතුළත් විය.

වනිඳු හසරංග ලකුණු 36ක් රැස් කළ අතර ධනංජය ද සිල්වා ලකුණු 28ක් රැස්කළේය.

පාකිස්තාන කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීමේදී හැරිස් රවුෆ් කඩුලු 3ක් දවාගත්තේය.

පිළිතුරු ඉණිම ක්‍රීඩා කල පකිස්ථානය නියමිත පන්දුවාර 20 අවසානයේ සියල්ලන් දැවී ලබාගත්තේ ළකුණු 147 ක් පමණයි.

ප්‍රමෝද් මධුෂාන් ළකුණු 34 කට කඩුලු 04 ක්ද – වනිඳු හසරංග ළකුණු 27 කට කඩුලු 03 ක් ද බිඳහෙලුවා.

Related posts

පකිස්තානය ඉන්දිය ක්‍රිකට් කණ්ඩායමට ඇඟිල්ල දිගු කරයි

Mohamed Dilsad

දකුණු අප්‍රිකාවට එරෙහි 20යි 20 දෙවන් තරඟය අද

Mohamed Dilsad

T20 ලෝක කුසලාන කල් දමයි

Mohamed Dilsad

Leave a Comment