දේශීය

ජාතික දජය අඩකුඹු කර තබන ලෙස ජනාධිපති දැනුම් දෙයි

(UTV | කොළඹ) – දෙවන එළිසබෙත් රැජින ඊයේ පස්වරුවේ අභාවප්‍රාප්ත වී තිබෙනවා. මේ බව බකිංහැම් මාලිගය ඊයේ පස්වරුවේ නිවේදනය කළා. ඒ වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිය ශෝක පණිවිඩය රාජකීය පවුලට සහ එක්සත් රාජධානියේ ජනතාවට පළකර තිබෙනවා.

මේ අතර රැජිනගේ අභාවය වෙනුවෙන් අද (09) දින සිට ජාතික කොඩිය අඩකුඹු කර තබන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් දැනුම්දී තිබෙනවා.

රැජිනගේ දේහය හෙට ලන්ඩනය වෙත රැගෙන එන බවයි වාර්තා වන්නේ. ඇය බ්‍රිතාන්‍යය අධිරාජ්‍යයයේ වැඩිම කලක් කිරුළ දැරූ රැජිනයි. රැජින අභාවප්‍රාප්ත වන විට 96 හැවිරිදි වියේ පසුවිය. වයස අවුරුදු 26 දී එක්සත් රාජධානියේ කිරුළ හිස දරාගත් ඇය වසර 70ක් පුරා සේවය කර තිබෙනවා.

Related posts

මෙරට කොරෝනා වෛරසය ආසාදිතයන් 113 දක්වා ඉහළට

Mohamed Dilsad

නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාට නොතීසි

Mohamed Dilsad

දුම්වැටි බදු අයකර ගන්නා ආකාරය නිවැරැදි නැහැ – පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා

Editor O

Leave a Comment