දේශීය

රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවෙන් අලුත් තීරණයක්

(UTV | කොළඹ)  – රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරනු ලබන සියලු සහතික පිටපත්වල වලංගු කාලය කිසිදු සීමාවකට ලක් නොකර පිළිගැනීමට තීරණය කර තිබේ.

ඒ අනුව උප්පැන්න, මරණ සහ විවාහ සහතික පත්‍රවල අනු පිටපත්වල වලංගු කාලය සීමාවකට ලක් නොකර පිළිගන්නා බව නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

අදාළ පිටපත් සහතික නිකුත් කළ දිනයේ සිට මාස 6 ක කාලයක් පමණක් වලංගු බවට මීට පෙර සීමා කර තිබුණි.

කෙසේවෙතත් මෙම තත්ත්වය මත අනු පිටපත් නිකුත් කිරීම සඳහා ජනතාව විශාල පෙළඹවීමක් ඇති බවට නිරීක්ෂණය වී ඇති බව රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

පවතින තත්ත්වයන් සැළකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇති බව සදහන් කරන එම දෙපාර්තමේන්තුව මෙමගින් මහජනතාවට සිදුවන පීඩාව ද අවම වන බව පෙන්වාදෙයි.

මේ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය, විදේශ කටයුතු අමාත්‍යාංශය, ආගමන විගමන දෙපාර්තමේන්තුව සහ පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව වෙත නිල වශයෙන් දැනුම් දීමට පියවර ගන්නා බව රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කළේය.

Related posts

කොළඹ ආශ්‍රිතව කොරෝනා අවදානමක්

Mohamed Dilsad

සදුදා සිට විශේෂ සහන මිලකට අත්‍යවශ්‍යය ආහාර නිවෙස්වලටම

Mohamed Dilsad

කොළඹ මැනිං වෙළදපොළ අද යළි විවෘත කෙරේ

Mohamed Dilsad

Leave a Comment