දේශීය

‘මහ බැංකු අධිපති පන්නන්න ආණ්ඩුවට උවමනාවක් නෑ’

(UTV | කොළඹ) – වර්තමාන මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා එම ධුරයෙන් ඉවත් කිරීමට ආණ්ඩුවට කිසිම අවශ්‍යතාවක් නොමැති බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවැසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණී කවිරත්න මහත්මිය පාර්ලිමේන්තුවේ යොමුකළ ප්‍රශ්නයකට පිලිතුරු දෙමින් ඔහු මේ බව පැවැසීය.

“වර්තමාන මහ බැංකු අධිපතිතුමා පන්නන්න අපිට කිසිම උවමනාවක් නෑ. එතුමා පත්කළේ හිටපු ජනපතිතුමා. එතුමාගේ කාලය දීර්ඝ කලේ වත්මන් ජනපතිතුමා.

විපක්ෂය මේ රටට පෙන්වන්න හදනවා මහ බැංකු අධිපතිතුමාව පන්නන් හදනවා කියලා. මම දන්නේ නෑ එතුමන්ලාට එහෙම උවමනාවක් තිබෙනවද කියන කාරණාව.”

Related posts

සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ ගින්නක්

Editor O

නිරෝධායන ඇඳිරිනීති බලපත් හුදෙකලා ප්‍රදේශ සඳහා වලංගු නොවේ [RELEASE]

Mohamed Dilsad

පළමු ශ්‍රේණියට ළමයි ඇතුළත් කිරීමේ චක්‍රලේඛය සංශෝධනයට කැබිනට් අනුමැතිය

Editor O

Leave a Comment