දේශීය

RMV ගනුදෙනු සඳහා කාඩ්පත් පහසුකම්

(UTV | කොළඹ) – මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවා ලබා ගැනීමේදී ඉලෙක්ට්‍රොනික් කාඩ්පත් මගින් ගනුදෙනු කිරීමට ඊයේ (05) සිට අවස්ථාව සලසා ඇතැයි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් (සංවර්ධන) ඩී. කුසලානි ද සිල්වා ප්‍රකාශ කළා ය.

ප්‍රධාන කාර්යාලයේ සිදු කෙරෙන වාහන ලියාපදිංචි කිරීම, ලියාපදිංචි වාහන පැවරීම හා තාක්ෂණික සේවා සැපයීමත් වේරහැරින් සිදුකෙරෙන රියැදුරු බලපත්‍ර නිකුත් කිරීම හා තාක්ෂණික සේවා සැපයීමේ කටයුතු සඳහා ගාස්තු ගෙවීම මේ අනුව කාඩ් මගින් සිදුකළ හැකි බව ද ඇය සඳහන් කළා ය.

සේවා තත්ත්ව ඉහළ නැංවීමට මෙම පියවර ගත් බවද ඇය කියා සිටියා ය.

කොමසාරිස්වරිය මේ අදහස් පළ කළේ, ර‍ජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (05) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

එම මාධ්‍ය හමුව අමතමින් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් (පාලන) සුසන්ත ජයතිලක කියා සිටියේ, මහ ජනතාවට වඩාත් පහසු සේවාවක් ලබා ගැනීමටත් මුදල් පරිහරණයේ ඇති ප්‍රශ්න නිසා මෙම පියවර ගත් බව ය.

මහජනතාවට පහසු හා ආරක්ෂිත තාක්ෂණය භාවිත කිරීමේ ක්‍රම ඉදිරියේදී තවදුරට ත් හඳුන්වාදීමට දෙපාර්තමේන්තුව කටයුතු කරන බව ද ඔහු කියා සිටියේ ය.

මහජන බැංකුව සමග සාකච්ඡා කොට මෙම වැඩපිළිවෙළ ආරම්භ කළ බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේ ය.

Related posts

නියඟයෙන් හානිවූ අක්කර ගණන 47000කට ආසන්න වෙයි

Mohamed Dilsad

රන් පවුම ලක්ෂ 4 ට ළඟාවෙයි

Editor O

අස්වැසුම ප්‍රතිලාභීන්ට දැනුම්දීමක්

Mohamed Dilsad

Leave a Comment