දේශීය

“ලංකාවට උපරිමයෙන් උදව් කල යුතුයි” – ඔස්ට්‍රේලියා විපක්ෂය

(UTV |  සිඩ්නි) – ඔස්ට්‍රේලියාවේ සිටින ශ්‍රී ලාංකික පුහුණු ශ්‍රමිකයන් යනු කුසලතාවලින් පරිපූර්ණ පිරිසක් බව හිටපු සංක්‍රමණ අමාත්‍ය ඇලෙක්ස් හෝව්ක් පවසනවා.

ලාංකිකයන් බොහෝ පිරිසක් මෙරටට සංක්‍රමණය වී සාර්ථක අනාගතයක් ගොඩනගාගෙන ඇති බවයි ඔහු සඳහන් කලේ.

හිටපු අමාත්‍යවරයා මේ බව කියාසිටියේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඔස්ටේ්‍රලියා ෆෙඩරල් පාර්ලිමේන්තුවේ ඊයේ පැවති යෝජනා විවාදයේදී අදහස් දක්වමිනුයි.

ඔස්ටේ්‍රලිා – ශ්‍රී ලංකා සබඳතා වසර 75 ක අතීතයට දිවෙන බවයි ඇලෙක්ස් හෝව්ක් පෙන්වා දුන්නේ.

මේ වනවිට ශ්‍රී ලංකාවේ ආර්ථිකය දරුණු තත්වයක පවතින බවත් ඉන්ධන – ආහාර සහ ඖෂධ සම්බන්ධයෙන් අස්ථාවර තත්වයක පවතින බවත් ඔහු සඳහන් කළා.

ශ්‍රී ලංකාවට හැකි අයුරින් ආධාර උපකාර කිරීම සඳහා විපක්ෂය ලෙස ඔස්ටේ්‍රලියානු ලේබර් පක්ෂ රජයට බලකරන බවයි හිටපු සංක්‍රමණ අමාත්‍ය ඇලෙක්ස් හෝව්ක් කියා සිටියේ.

සංචාරක ක්ෂේත්‍රය නංවාලීම සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීම වැනි කරුණුවලදීත් අවශ්‍ය පූර්ණ සහය ලබාදිය යුතු බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.

Related posts

වත්මන් පාලන තන්ත්‍රයට විරෝධය පළ කරමින් අද රට පුරා උද්ඝෝෂණ මාලාවක්

Mohamed Dilsad

මත්පෙති තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

මහර මියගිය රැඳවියන් 11 දෙනාගේම මෘත ශරීර හදුනාගැනේ

Mohamed Dilsad

Leave a Comment