දේශීය

තවත් කොවිඩ් රෝගීන් සිව් දෙනෙකු හඳුනා ගනී

(UTV |කොළඹ) – මෙරටින් තවත් කොවිඩ් -19 ආසාදිතයින් සිව්දෙනෙකු හඳුනා ගැනුණු බව සෞඛ්‍ය අංශ පවසයි.

ඒ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි දෙදෙනෙක්, කෙන්යාවේ සිට පැමිණි පුද්ගලයෙක් සහ ඩුබායි සිට පැමිණි පුද්ගලයෙකි.

මේ අනුව මේ වන විට මෙරට සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් ගණන 2,951 දක්වා ඉහළ ගොස් තිබේ.

ඉන් රෝගීන් 2,805 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් ඇති අතර තවත් රෝගීන් 134 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.

මෙ වන විට කොවිඩ්-19 වෛරසය වැළඳීමෙන් 12 දෙනෙකු මිය ගොස් ඇත.

Related posts

ත්‍රිකුණාමලය අධ්‍යාපන කලාපයේ සියලු පාසල් වසා දමන්නැයි නියෝගයක්

Mohamed Dilsad

අධිචෝදනා භාරදීමෙන් අනතුරුව රවීට සහ අර්ජුන්ට ඇප

Mohamed Dilsad

ජනපති ලේකම් පී.බී. ඉල්ලා අස්වීම භාර දෙයි

Mohamed Dilsad

Leave a Comment