දේශීය

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එකඟතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස විපක්ෂ නායක ඉල්ලයි

(UTV | කොළඹ) – ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කරගත් කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවය පාර්ලිමේන්තුව ට ඉදිරිපත් කරන ලෙස විපක්ෂ නායක, සජිත් ප්‍රේමදාස මහතා අද (06) පාර්ලිමේන්තුවේ දී ඉල්ලීමක් කළේය.

පාර්ලිමේන්තුවේ මූල්‍ය බලතල කේන්ද්‍ර කරගෙන එම එකඟතාවය සභාගත කිරීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස ද විපක්ෂ නායකවරයා මෙහිදී ඉල්ලා සිටියේය.

“කරුණාකරලා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති වූණු මාණ්ඩලික එකඟතා ගිවිසුම සභාගත කරන්න. එවිට එම ගිවිසුමේ අන්තර්ගතය පිළිබඳව අපටත් රටටත් යම් අවබෝධයක් ලබාගත හැකි වෙයි. ඒ වගේම අපට හැකියාව ලැබෙනවා එය පරිශීලනය කරලා රටට වඩාත් ප්‍රගතිශීලි ක්‍රියාමාර්ග කවරේද පිළිබඳ අපේ මතයත් ඉදිරිපත් කරන්න.”

Related posts

සියයට 66කින් විදුලි ගාස්තු ඉහළ නැංවීමට බහුතරයේ අනුමැතිය

Mohamed Dilsad

ජිනීවා 30/1 යෝජනාවට අනුග්‍රාහකත්වය නොදක්වන බව අගමැති නිවේදනය කරයි

Mohamed Dilsad

පූගොඩ පොලිස් ස්ථානාධිපතිවරයාගේ වැඩ තහනම්

Mohamed Dilsad

Leave a Comment