දේශීය

කාණුවක වැටී සිර වී සිටි පාසල් සිසුවා මරුට

(UTV | කොළඹ) – කුරුණෑගල, වැහැර ප්‍රදේශයේ අතුරු මාර්ගයේ කාණුවකට ඇද වැටී සිර වී සිටි 14 හැවිරිදි පාසල් සිසුවෙකු මිය ගොස් තිබේ.

අද (05) දහවල් 2.00ට පමණ පාසල නිමා වී අතුරු මාර්ගය ඔස්සේ සිය නිවසට යමින් සිටි මෙම සිසුවා මාර්ගයේ පටු ස්ථානයකදී එම මාර්ගයේ පැමිණි වාහනයකට ඉඩ දීම සඳහා කාණුවේ ගැට්ට මතට ගොඩවන විට ඔහුගේ පය ලිස්සා ඒ තුළට ඇද වැටී ඇති බව වාර්තාවේ.

කුරුණෑගල මහ නගර සභාවේ සේවකයින්, ප්‍රදේශවාසීන් සහ පොලිසිය එක්ව මහත් පරිශ්‍රමයක් දරා එම පාසල් සිසුවා ගොඩට ගෙන තිබේ.

මුදා ගැනීමෙන් පසුව ඔහු කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර ඇති අතර එහිදී ඔහු ජීවිතක්ෂයට පත් වී ඇත.

Related posts

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්

Editor O

“පිටරටින් සහල් ගේන්නේ කොමිස් ගැනිමේ අරමුණින්” – නාමල්

Mohamed Dilsad

හිටපු ජනපතිගේ නඩු තීන්දුව ගැන වන්නිලඇත්තන්ගෙන් විශේෂ ප්‍රකාශයක්

Mohamed Dilsad

Leave a Comment