දේශීය

22 වන සංශෝධනය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අද පාර්ලිමේන්තුවට‍

(UTV | කොළඹ) – ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22වන සංශෝධනය සම්බන්ධයෙන් වන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අද (06) දිනයේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන පවසයි.

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් පාර්ශව කිහිපයක් විසින් අධිකරණය හමුවේ පෙත්සම් ගොනුකර තිබුණි.

එම පෙත්සම් අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ විභාගයට ගැනුණු අතර ඉදිරිපත් කරනු ලැබු කරුණු සලකා බැලීමෙන් අනතුරුව පෙත්සම් විභාගය අවසන් කළ විනිසුරු මඩුල්ල එහි තීන්දුව කථානායකවරයා වෙත ඉදිරිපත් කරන බව අගෝස්තු 23 වන දින නිවේදනය කළේය.

ඒ අනුව අද උදෑසන පාර්ලිමේන්තුව රැස්වීමෙන් අනතුරුව කථානායක මහින්ද යාපා අබේවර්ධන විසින් එම තීන්දුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇත.

පාර්ලිමේන්තුව අද පෙරවරු 9.30ට රැස්වීමට නියමිත අතර පස්වරු 5.30 දක්වා පාර්ලිමේන්තු කටයුතු පැවැත්වීමට නියමිතය.

අද දිනයේ දී මෙරට දරුවන්ගේ සහ මව්වරුන්ගේ මන්දපෝෂණ තත්ත්වය පිළිබඳව කල්තැබීමේ විවාදයක් පැවැත්වීමට නියමිත අතර එම විවාදය හෙට (07)දිනයේ ද පැවැත්වීමට නියමිතව තිබේ.

මේ වර්ෂය සඳහා වන වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාව සම්බන්ධයෙන් සභාව කල්තැබීමේ විවාදය ලබන බදාදා දිනයේ පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

Related posts

බම්බලපිටියේ ව්‍යාජ අධ්‍යාපන ආයතනයක් වටලයි – අධ්‍යක්ෂවරිය අත්අඩංගුවට

Mohamed Dilsad

පාර්ලිමේන්තුවේ කෑම බිල අඩු කිරීමට ගෘහකාරක සභාවේ තීරණයක්

Editor O

ලබන 05 වැනි දායින් පසු විදුලි කප්පාදුවක් නැහැ

Mohamed Dilsad

Leave a Comment