දේශීය

තිරිඟු පිටි මිල වැඩිවීමට හේතුවක් නෑ

(UTV | කොළඹ) – මෙම අවස්ථාවේදී තිරිඟු පිටි මිල ඉහළ යාමට කිසිඳු හේතුවක් නැතැයි වෙළඳ හා පාරිභෝගික සුරක්‍ෂිතතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පැවසීය.

එබැවින් තිරිඟු පිටි පැවති මිලටම අලෙවි විය යුතු බව කී ඇමතිවරයා එසේ නොකරන්නන් සම්බන්ධයෙන් පාරිභෝගික අධිකාරිය මගින් පියවර ගන්නා බව අදාළ පාර්ශව වෙත ලිඛිතව දැනුම් දී ඇති බවත් කීවේය.

ඇමතිවරයා මේ බව පැවසුවේ ජා ඇල පිහිටි සිය කාර්යාලයේ දී ඊයේ(4) පැවැත්වූ මාධ්‍ය හමුවකදීය.

පිටි නිෂ්පාදන සමාගම් දෙක සමඟ තමන් ඉකුත් සිකුරාදා පැවැත්වූ සාකච්ඡාවකදී මාසයකට අවශ්‍ය පිටි නිෂ්පාදනය කිරීම සඳහා ප්‍රමාණවත් තිරිඟු තමන් සතුව ඇති බව ඔවුන් ප්‍රකාශ කළ බවත්, තුර්කිය සහ ඩුබායි වෙතින් ඇනවුම් කර ඇතිතිරිඟු තොගයක් මෙම මස 15 වැනිදා වන විට මෙරටට ලැබෙන බව ආනයනකරුවන් පැවසූ බවත් ඇමතිවරයා සඳහන් කළේය.

එබැවින් ඉදිරියේදී පිටි හිඟයක් ඇති නොවන බව කී ඇමති නලීන් ප්‍රනාන්දු මහතා ආනයනය කළ තිරිඟුවලින් පිටි නිෂ්පාදනයේ දී වියදම වැඩිවීමක් හෝ අතිරේක වියදම් එක් වීමක් සිදුව නොමැති බැවින් පිටි හිඟයක් ඇතිවූ පමණින් මිල වැඩිවිය නොහැකි බව ද කීවේය.

Related posts

ලාෆ් ගෑස් වල නව මිල මෙන්න

Mohamed Dilsad

දඹුල්ල අධ්‍යාපන කලාපයේ සියලුම පාසැල් වැසේ

Mohamed Dilsad

දක්ෂිණ අධිවේගී මාර්ගයේ සිව්වන අදියර විවෘත කෙරේ

Mohamed Dilsad

Leave a Comment