දේශීය

අතුරු අයවැය ඡන්ද විමසීම : සජිත් සහ ඩලස් තීරණයක් ගනී

(UTV | කොළඹ) – අද පැවැත්වෙන අතුරු අයවැය ඡන්ද විමසීමේදී ඡන්ද ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටීමට තීරණය කළ බව සමගි ජන බලවේගය පවසයි.

එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා මාධ්‍ය අමතමින් මේ බව පැවසීය.

එය එම පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා ද තහවුරු කළේය.

පසුගියදා පාර්ලිමේන්තුවේ විපක්ෂයට එක්වූ ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රමුඛ කණ්ඩායමද අද පැවැත්වෙන අතුරු අයවැය ඡන්ද විමසීමේදී ඡන්ද ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටීමට තීරණය කර ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රී ජී.එල්. පීරිස් මහතා විසින් මේ බව තහවුරු කළේය.

Related posts

පළාත් ආයතන ඡන්ද විමසීම් විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත සම්මතයි.

Editor O

බඩඉරිඟු ටොන් ලක්ෂ 40 ආනයනයට අවසර

Mohamed Dilsad

අයවැය දෙවන වර කියවීමේ පළමු දින විවාදය අද

Mohamed Dilsad

Leave a Comment