ක්‍රීඩා

ශ්‍රී ලංකා පිලේ ආසියානු කුසලාන ගමන අද තීරණය වෙයි

(UTV | කොළඹ) – ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන තීරණාත්මක තරඟය අද පැවැත්වෙනවා.

ඒ, බංග්ලාදේශ කණ්ඩායම සමඟයි. මෙම කණ්ඩායම් දෙකම තමන් සහභාගී වූ පළමු තරඟය පරාජයට පත් වුණා. ඒ අනුව අද තරඟය ජය ගන්නා කණ්ඩායම ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ඉදිරි වටයට සුදුසුකම් ලබනු ඇති.

මේ අතර ඊයේ පැවති තරඟයෙන් හොංකොං කණ්ඩායම ලකුණු 40 කින් පරාජය කළ ඉන්දියාව ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියේ සුපිරි කණ්ඩායම් 04 දෙනාගේ වටයට සුදුසුකම් ලැබුවා.

තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඉන්දියාව නියමිත පන්දුවාර විස්සේදී කඬුලු 02 ක් දැවී ලකුණු 192 ක් රැස් කළා. පිළතුරු ඉනිම ක්‍රීඩා කළ හොංකොං පිළට කඬුලු 05 ක් දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 152 ක් පමණයි.

Related posts

යුපුන්ගේ වටිනාකම ඩොලර් ලක්ෂයට වඩා වැඩියිලු

Mohamed Dilsad

කි‍්‍රකට් විනිසුරුවරුන් 133 දෙනෙකුට උසස්වීම්

Mohamed Dilsad

ටෙස්ට් තරඟාවලියක් සඳහා බංග්ලාදේශ කණ්ඩායම අප්‍රේල් 12 දිවයිනට

Mohamed Dilsad

Leave a Comment