විදෙස්

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ප්‍රකාශයක්

(UTV | කොළඹ) – යුරෝපයේ වඳුරු උණ වයිරස ව්‍යාප්තියේ අඩුවක් දකින්න ලැබෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය මේ බව පවසා ඇත්තේ යුරෝපා රටවලින් ලැබෙන දත්ත පාදක කර ගනිමින්ය.

වඳුරු උණ ගෝලීය වසංගත තත්ත්වයක් නිර්මාණය වූයේ යුරෝපා රටවල් කේන්ද්‍ර කොට ගනිමිනි.

වඳුරු උණ සමලිංගික පිරිමින් අතරේ බහුලව ව්‍යාප්ත වෙයි. මෙය වසූරිය සහ පැපොල වයිරස අතරමැද තත්ත්වයකි.

මේ වනවිට යුරෝපයෙන් පමණක් වාර්තා වී ඇති වඳුරැ උණ ආසාදිතයන් ගණන 16,750 ඉක්මවා ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ වාර්තාවේ දැක්වෙන්නේ එම ගණන කෙමෙන් කෙමෙන් අඩු වෙමින් පවතින බවය.

Related posts

Google බිඳ වැටෙයි

Mohamed Dilsad

හැරී-මේගන් පුවත්පත් ආයතන 2කට එරෙහිව නීතිමය පියවර ගනී

Mohamed Dilsad

සුළි කුණාටුවකින් ඉතාලියේ දෛනික කටයුතු අඩාලයි

Mohamed Dilsad

Leave a Comment