ප්‍රමුඛ පුවත 1

කෝටියක් වටිනා හෙරෝයින් මත්කුඩු තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

(උදයම්,කොළඹ)  – රුපියල් කෝටියක් පමණ වටිනාකම ඇති බව කියන හෙරෝයින් මත්කුඩු තොගයක් සමග පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

මුන්දලම පොලීසයට ලද තොරතුරක් මත සින්නපාඩුව ප්‍රදේශයේ නිවසක් පරීක්ෂා කිරීමේදී අදාළ හෙරොයින් තොගය සමඟ සැකකරු අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසුවේය.

මෙම මත්කුඩු තොගය නීති විරෝධි ආකාරයෙන් මුහුදු මාර්ගයෙන් බහුදින ධිවර යාත‍්‍රාවකින් ගෙන්වා ඇතැයි ද වෙනත් ප‍්‍රදේශයකට ගෙන යනතෙක් මෙම නිවසෙහි සඟවා තිබෙන්නට ඇතැයිද තොරතුරු ලැබි ඇති බව  පොලිසිය කියයි.

සැකකරු සතුව තිබී හෙරොයින් කිලෝ ග්‍රෑම් 01යි ග්‍රෑම් 50ක් මුන්දලම පොලීසිය බාරයට ගෙන තිබේ.

අත්අඩංගුවට ගෙන ඇත්තේ 39 හැවිරිදි පුද්ගලයෙකු වන අතර ඔහු අද(17) පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

නාමයෝජනා සඳහා විරෝධතා භාර ගැනීම ඇරඹේ [UPDATE]

Mohamed Dilsad

මහින්ද දේශප්‍රියගේ ප්‍රකාශයකට බන්දුල එරෙහි වෙයි [VIDEO]

Mohamed Dilsad

“රටේ කිසිම දේශපාලන අස්ථාවර භාවයක් නැහැ” – අගමැති

Mohamed Dilsad

Leave a Comment