ප්‍රමුඛ පුවත 1

අධිකරණ නියෝගය නොතකා අන්තරේ විරෝධතාව අද

(උදයම්,කොළඹ) – කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කළ තහනම් නියෝගය උල්ලංඝනය කරමින් අද (17) දිනයේ පැවැත්වීමට නියමිත සයිටම් විරෝධතා පෙළපාලිය සහ උද්ඝෝෂණය ඒ අයුරින්ම පැවැත්වීමට අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලය තීරණය කර තිබේ.

අද  සහ හෙට (18) යන දෙදින තුළ කොළඹ වෝඩ් පෙදෙස, ශ්‍රී ලංකා ජාතික රෝහල, අක්ෂි රෝහල, උසස් අධ්‍යාපන අමාත්‍යංශය ආදී ප්‍රදේශයන් වලදී මහජනයාගේ සාමාන්‍ය කටයුතු වලට බාධාවන පරිදි කිසිදු පෙළපාලියක් හෝ උද්ඝෝෂණයක් සිදු නොකළ යුතු බවට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

ඒ කුරුඳුවත්ත පොලිසිය අධිකරණයෙන් කළ ඉල්ලීමකට අනුවය.

අධිකරණ නියෝග මගින් ශිෂ්‍ය විරෝධතා මර්දනය කළ නොහැකි බව අන්තර් විශ්වවිද්‍යාලීය ශීෂ්‍ය බල මණ්ඩලය පවසයි.

ඒ අනුව අද (17) කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් ආරම්භ කරන විරෝධතා පෙළපාලිය කොළඹ 07 වෝඩ් පෙදෙසේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙත පැමිණීමට නියමිතය.

Related posts

ජිනිවා මානව හිමිකම් මණ්ඩලයට ශ්‍රී ලංකාව සම්බන්ධ යෝජනාවක් මෙවරත්

Mohamed Dilsad

බුදුපුත් සුරක්ෂා හිමිකම් පත්‍ර ප්‍රදානය කිරීමේ වයඹ පළාත් මහෝත්සවය අද (13)

Mohamed Dilsad

වසර 02 ක් තුළදී ලංකාවේ හැම ඉඩමක්ම පරිඝණක ගත වෙයි..

Mohamed Dilsad

Leave a Comment