දේශීයව්‍යාපාරික

විවෘත ගිණුම් යටතේ ආනයනය තහනම් වෙයි

(UTV | කොළඹ) – විවෘත ගිණුමක් යටතේ ආනයනය කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කරන ලෙස මහ බැංකුව (CB) මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර ඇත.

අත්‍යාවශ්‍ය ආනයන සඳහා ප්‍රමාණවත් විදේශ විනිමය බැංකු අංශය සතුව පවතින බව අවධාරණය කරමින් මෙම තීරණය ගන්නා ලෙස මහ බැංකුව සඳහන් කර තිබේ.‍

“විවෘත ගිණුම් වෙළඳාම තහනම් කිරීමට අපි යෝජනා කර තිබෙනවා. භාණ්ඩාගාරය විසින් අදාළ චක්‍රලේඛය කඩිනමින් නිකුත් කිරීමට බලාපොරොත්තු වෙනවා. මේ වන විට අත්‍යාවශ්‍ය ආනයන සඳහා ප්‍රමාණවත් විදේශ විනිමයක බැංකු පද්ධතිය සතුව පවතින බව අපි විශ්වාස කරනවා,” යැයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසීය.

Related posts

හුදෙකලා කිරීම සම්බන්ධයෙන් වූ විශේෂ නිවේදනය [RELEASE]

Mohamed Dilsad

ලන්ඩනයේ පදිංචි උවිදු කුරුකුලසූරියට , ජවිපෙන් තර්ජන…?

Editor O

සියලු රාජ්‍ය සේවකයින් අද සිට සාමාන්‍ය පරිදි සේවයට

Mohamed Dilsad

Leave a Comment