දේශීයව්‍යාපාරික

විවෘත ගිණුම් යටතේ ආනයනය තහනම් වෙයි

(UTV | කොළඹ) – විවෘත ගිණුමක් යටතේ ආනයනය කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කරන ලෙස මහ බැංකුව (CB) මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර ඇත.

අත්‍යාවශ්‍ය ආනයන සඳහා ප්‍රමාණවත් විදේශ විනිමය බැංකු අංශය සතුව පවතින බව අවධාරණය කරමින් මෙම තීරණය ගන්නා ලෙස මහ බැංකුව සඳහන් කර තිබේ.‍

“විවෘත ගිණුම් වෙළඳාම තහනම් කිරීමට අපි යෝජනා කර තිබෙනවා. භාණ්ඩාගාරය විසින් අදාළ චක්‍රලේඛය කඩිනමින් නිකුත් කිරීමට බලාපොරොත්තු වෙනවා. මේ වන විට අත්‍යාවශ්‍ය ආනයන සඳහා ප්‍රමාණවත් විදේශ විනිමයක බැංකු පද්ධතිය සතුව පවතින බව අපි විශ්වාස කරනවා,” යැයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසීය.

Related posts

පොදු ස්ථාන වලදී කෝවිඩ් එන්නත් කාඩ් එක ඕනැයි නීතියක් තවම නෑ – හමුදාපති

Mohamed Dilsad

අද දුම්රියේ ගෙදර යන්න ඉන්න අයට විශේෂ නිවේදනයක්

Mohamed Dilsad

අධිභාර පණතට EPF – ETF අයත් නැතැයි නීතිපති අධිකරණයට දන්වයි

Mohamed Dilsad

Leave a Comment