දේශීය

“ශ්‍රී ලංකාවට හැකි සෑම අයුරින්ම ඉන්දියාව උපකාර කලා”

(UTV | කොළඹ) – ශ්‍රී ලංකාවට උපකාර කිරීමට හැකි සෑම අයුරින්ම ඉන්දියාව මේ වනවිට උපකාර කර ඇතැයි එරට විදේශ අමාත්‍ය එස් ජයිශංකර් පවසනවා.

මෙම වසර තුළදී පමණක් ඩොලර් බිලියන 3.8 ක ආධාර ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට ලබාදී ඇති බවයි ඔහු සඳහන් කළේ.

ඉන්දු – පැසිෆික් කලාපය සඳහා වන ඉන්දියාවේ දැක්ම යන මැයෙන් තායිලන්තයේ පැවති දේශනයක් අවසානයේ නැගුණු ප්‍රශ්න මාලාවකට පිළිතුරු දෙමිනුයි විදේශ අමාත්‍යවරයා මෙම අදහස් පළකර ඇත්තේ.

මුල්‍යාධාර – ණය පහසුකම් සහ විදේශ විනිමය හුවමාරු යන ක්‍රම යටතේ මෙම ආධාර සපයා ඇති බව එසි ජයිශංකර් සඳහන් කර තිබෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හරහා සැපයිය හැකි ඕනෑම සහයක් ලබාදීමටද ඉන්දියාව සුදානම් බවයි ඔහු වැඩිදුරටත් අවධාරණය කර ඇත්තේ.

Related posts

ආචාර්යය, මහාචාර්යයවරු වැඩිවී පාර්ලිමේන්තුවේ වෙබ් අඩවියටත් අතපසුවීමක් වූ බව පාර්ලිමේන්තුවෙන් නිවේදනයක්

Editor O

අග්‍රාමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරිය ලෙස කෞෂි පත් කරයි

Mohamed Dilsad

පූජිත්ගේ පෙත්සමේ වගඋත්තරකරුවෙකු ලෙස හිටපු ජනාධිපති නම් කරයි

Mohamed Dilsad

Leave a Comment