දේශීය

“චීන නැව හම්බන්තොටට එන්න අවසර ඉල්ලා නෑ”

(UTV | කොළඹ) – ‘YUAN WANG 5’ නමැති චීන අභ්‍යවකාශ පර්යේෂන නෞකාව හම්බන්තොට වරායට ඇතුළු වීම සඳහා අවසර ලබාදෙන ලෙස ශ්‍රී ලංකා වරාය අධිකාරියෙන් මෙතෙක් ඉල්ලීමක් කර නොමැති බව හාබර් මාස්ටර් සඳහන් කළේ ය.

හම්බන්තොට වරායේ මෙහෙයුම් කටයුතු චීන සමාගම මගින් සිදු කළ ද එම වරායේ නෞකා හැසිරීමේ පූර්ණ බලය හා අයිතිය ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතු බව ත් අදාළ චීන නෞකාවට මෙරටට ඇතුළු වීමට අවශ්‍ය නම් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ අවසරය ලබා ගැනීම අනිවාර්ය බව ද එම අධිකාරිය සඳහන් කළේ ය.

ඉකුත් ජූලි මස 13 වන දින චීනයෙන් ගමන් ආරම්භ කළ මෙම නෞකාව මේ වන විට හම්බන්තොට වරායේ සිට කිලෝමීටර් 800ක් දුරින් පිහිටි ඉන්දියානු සාගරයේ Ninetyeast කඳු පන්තිය අසලින් ගමන් ගන්නා බව චන්ද්‍රිකා දත්ත හරහා හඳුනා ගෙන තිබේ.

 

Related posts

දිවයින පුරා වැසි තත්ත්වයේ වැඩිවීමක්

Mohamed Dilsad

කොවිඩ් 19 ආසාදිත පිරිස 1749 දක්වා ඉහළ යයි

Mohamed Dilsad

ගව වෛරසය රටපුරා පැතිරී ගිය හැටි එළියට

Mohamed Dilsad

Leave a Comment