විදෙස්

න්‍යෂ්ටික බලාගාරයකට තවත් ෂෙල් ප්‍රහාරයක්

(UTV |  යුක්‍රේනය) – යුක්‍රේනයේ Zaporizhzhia න්‍යෂ්ටික බලාගාරයට තවත් ෂෙල් වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ඊයේ උදෑසන ද Zaporizhzhia න්‍යෂ්ටික බලාගාරයට ප්‍රහාරයක් එල්ල වූ අතර පස්වරුව වන විට තවත් ප්‍රහාරයක් එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ප්‍රහාරය එල්ල කිරිම සම්බන්ධයෙන් යුක්‍රේනය රුසියාව වෙත දැඩි විරෝධය එල්ල කර තිබේ.

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ රැස්වීමේ දී ද අදාළ ප්‍රහාරය සම්බන්ධයෙන් අවධානය යොමුව ඇත

මෙලෙස Zaporizhzhia න්‍යෂ්ටික බලාගාරයට ප්‍රහාර එල්ලවීම ඉතා අවදානම් තත්වයක් බව එහි න්‍යෂ්ටික නිරීක්ෂක ප්‍රධානී වන රෆායෙල් ග්‍රෝසි ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

Related posts

යුරෝපානු කලාපයේ ආර්ථික වර්ධනය පහළට

Mohamed Dilsad

ඉන්දියාවත් හෙට සිට සම්පූර්ණයෙන් වැසෙයි

Mohamed Dilsad

ලෝක වෙළදපොළේ ඉන්ධන මිල ඉහළට

Mohamed Dilsad

Leave a Comment