දේශීය

පාර්ලිමේන්තුවේ අලුත් මුදල් කමිටුව පිහිටුවයි

(UTV | කොළඹ) – පාර්ලිමේන්තුව වාර අවසාන කිරීමත් සමඟම අහෝසි වූ රජයේ මුදල් පිළිබඳ පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව අද (10) පිහිටුවනු ලැබීය.

නව වැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරයේ රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සේවය කිරීම සඳහා මන්ත්‍රීවරුන් 21 දෙනකු තේරීම් කාරක සභාව විසින් නම් කරනු ලැබ ඇති බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට අද (10) දැනුම් දුන්නේය.

රජයේ මුදල් කාරක සභාවේ සේවය කිරීම සඳහා මෙසේ පත්කරනු ලැබ සිටින්නේ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන , මන්ත්‍රී විදුර වික්‍රමනායක ,අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා,මන්ත්‍රී විජිත හේරත්,මන්ත්‍රී දුමින්ද දිසානායක,මන්ත්‍රී ශෙහාන් සේමසිංහ , මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා ,මන්ත්‍රී ඉන්දික අනුරැද්ධ, මන්ත්‍රී සිරිපාල ගම්ලත් ,මන්ත්‍රී වෛද්‍ය සීතා අරඹේපොල, මන්ත්‍රී ආචාර්ය සුරේන රාගවන්, මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන්, මන්ත්‍රී කාවින්ද ජයවර්ධන,මන්ත්‍රී මුජිබර් රහුමාන් මන්ත්‍රී හර්ෂණ රාජකරැණ, මන්ත්‍රී චමින්ද විජේසිරි මන්ත්‍රී ඉසුරැ දොඩංගොඩ , මන්ත්‍රී අනූප පැස්කුවෙල්,මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර යන අය වෙති.

ස්ථාවර නියෝග 121 විධිවිධාන ප්‍රකාරව තේරීම් කාරක සභාව විසින් මෙම නම් කිරීම කරනු ලැබ ඇත.

Related posts

කොරෝනා රෝගීන්ට උපකරණයක් මිලදී ගන්න ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ ආධාර

Mohamed Dilsad

පාර්ලිමේන්තු විවාදය ඇරඹේ

Mohamed Dilsad

ශ්‍රී ලංකාව සම්බන්ධ IMF වාර්තාව පාර්ලිමේන්තුවට

Mohamed Dilsad

Leave a Comment