ක්‍රීඩා

ආසියානු ක්‍රිකට් තරගාවලිය අගේාස්තු 27 ඇරඹෙයි

(UTV | කොළඹ) – 2022 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය තරග කාලසටහන මේ වනවිට නිකුත් කර තිබේ.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වෙන තරගාවලිය අගෝස්තු 27 වනදා ආරම්භවීමට නියමිතය.

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේදී කණ්ඩායම් 06 ක් කාණ්ඩ 02 ක් යටතේ තරගවැදීමට නියමිතව ඇත.

A කාණ්ඩයට ඉන්දියාව, පාකිස්තානය සහ ආසියානු කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ වටයේ ජය ගන්නා කණ්ඩායම ඇතුළත් වේ.

B කාණ්ඩයට ශ්‍රී ලංකාව, බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්තානය ඇතුළත්ය.

තරගාවලිය ආරම්භ කරමින් පළමු තරගය ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඇෆ්ගනිස්තානය කණ්ඩායම අතර අගෝස්තු 27 පැවැත්වීමට නියමිතය.

Related posts

බංගලාදේශ – ශ්‍රී ලංකා ක්‍රිකට් තරගාවලිය දින නියමයක් නොමැතිව කල් යයි

Mohamed Dilsad

එක්දින නායකත්වය උපුල් තරංගට ටෙස්ට් නායකත්වය චන්දිමාල්ට

Mohamed Dilsad

ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන මූල්‍ය නිලධාරී අත්අඩංගුවේ

Mohamed Dilsad

Leave a Comment