දේශීය

ජනතාව සංසුන් කරන්න ආධ්‍යාත්මික වැඩපිළිවෙලක් අවශ්‍යයි – මෛත්‍රී

(UTV | කොළඹ) – රට තුල පවතින ඉන්ධන හා ගෑස් අර්බුදය විසදාලීමට පියවර ගන්නා සේම ජනතාව තුල ඇති නොසන්සුන්තාවය මග හැරවීමට ආගමික නායකයන්ගේ දායකත්වයෙන් ආධ්‍යාත්මික වැඩපිළිවෙක් අවශ්‍ය බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග මුදල් අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකින් පසු මාධ්‍යයට අදහස් දක්වමිනුයි සිරිසේන මහතා මේ බව කියා සිටියේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපතිවරයා කියා සිටියේ මෙම තත්ත්වයෙන් ගොඩ ඒම සඳහා ශ්‍රී ලංකාව වෙනුවෙන් සියලු ආගමික නායකයින්ට වැදගත් කාර්යභාරයක් පැවරී ඇති බවයි.

රට තුළ පවතින ප්‍රශ්න විසඳීමට ක්‍රමවේද සෙවීම සඳහා තවදුරටත් සාකච්ඡා කිරීමට එකඟතාවකට පැමිණි බව හිටපු ජනාධිපති සිරිසේන මහතා සඳහන් කළේය.

Related posts

එජාප නායකත්වය තවදුරටත් රනිල්ට

Mohamed Dilsad

මාස දෙකහමාරක් තුළ මැගසින් බන්ධනාගාරයට උඩින් පාර්සල් 54 ක්

Mohamed Dilsad

බහාලුම් 323 නිදහස් කිරීමේ සිද්ධිය ගැන මුජිබර් රහුමාන්ගෙන් ප්‍රකාශයක්

Editor O

Leave a Comment