දේශීය

කෞතුකාගාර විවෘත කිරීමෙන් පසුව නරඹන්නන් එක් වරකට 15 යි

(UTV | කොළඹ) –  සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විසින් නිර්දේශ කර ඇති නීති රීතිවලට අනුව , ලබන 01 වනදා සිට ජාතික කෞතුකාගාරය රජයේ ප්‍රසිද්ධ නිවාඩු දිනවල හැර සෑම දිනකම පෙරවරු 9 සිට පස්වරු 4 දක්වා විවෘත කර තැබෙන බව ජාතික කෞතුකාගාර අධ්‍යක්ෂ ජනරාල් සනූජා කස්තුරිආරච්චි මහත්මිය පවසයි. 

ඒ අනුව එක් වරකට උපරිම නරඹන්නන් 15 දෙනෙකු වන පරිදි විනාඩි 30 කට වරක් නරඹන්නන් ඇතුළු කරගැනීමට සැලසුම් කර ඇත.

කෞතුකාගාරයට පැමිණීමට පෙර අදාළ දුරකථන අංක අමතා දිනයක් හා වේලාවක් වෙන්කරවා ගැනීම මගින් සිදුවන අපහසුතාවයන් මගහරවා ගත හැකි බවද අධ්‍යක්ෂ ජනරාල්වරිය වැඩිදුරටත් පවසා සිටියාය.

Related posts

කාදිනල් හිමි සියලු පක්ෂවල නියෝජනයක් සහිත නව කමිටුවක් ඉල්ලයි

Mohamed Dilsad

තවත් ආසාදිතයන් 5 ක් සුව අතට

Mohamed Dilsad

මෝටර් රථය ගසක හැපී 3ක් මරුට

Mohamed Dilsad

Leave a Comment