දේශීය

අදත් පැය 03ක විදුලි කප්පාදුවක්

(UTV | කොළඹ) – අද (28) දිනයේදී පැය 03ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට මහජන උපයෝගීතා කොමිසම විසින් විදුලිබල මණ්ඩලයට අවසර ලබාදී තිබෙනවා.

ඒ අනුව A, B, C, D, E, F, G, H, I, J, K, L, P, Q, R, S, T, U, V, W යන කලාප සඳහා පෙරවරු කාලයේදී පැය 1යි විනාඩි 40 කාලයක් විදුලිය විසන්ධි කිරීමට නියමිතය.

එම කලාප සඳහා පස්වරු කාලයේදී පැය 01යි විනාඩි 20ක් විදුලිය විසන්ධි කිරීමට සැලසුම් කර තිබේ.

CC කලාප සඳහා පෙරවරු 6 සිට පෙරවරු 8.30 දක්වා පැය 2යි විනාඩි 30 විදුලි කප්පාදුවන් සිදුවෙනු ඇත. මේ අතර M, N, O, X, Y, Z කලාප සඳහා පෙරවරු 5.30 සිට පෙරවරු 8.30 දක්වා පැය 3ක විදුලි කප්පාදුවන් සිදුකිරීමට නියමිතය.

Related posts

දමිතාගේ නාම යෝජනා ගැන සමාජ මාධ්‍යයේ සංසරණයවන හඬපටය මෙන්න.

Editor O

බක් පුර පසළොස්වක පොහොය අදයි

Mohamed Dilsad

අයථා ලෙස උපයාගෙන ඇති දේපළ රාජසන්තක කිරීම සඳහා වූ යෝජනාවක් පාර්ලිමේන්තුවට ළඟදීම

Editor O

Leave a Comment